LPL තරඟාවලියෙන් පිරමීඩය ගලවයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

LPL තරඟාවලියෙන් පිරමීඩය ගලවයි

LPL තරඟාවලියෙන් පිරමීඩය ගලවයි

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ජෆ්නා කින්ග්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඳුමේ තිබූ පිරමිඩ සමාගමක සලකුණ ටේප් භාවිතයෙන් ආවරණය කර තිබේ.

 

ක්‍රීඩා පිටියේ ප්‍රධාන පුවරුවේද එම දැන්වීම් පළකිරීම නතර කර ඇති අතර පිටිය වටා එම දැන්වීම් පිහිටි තැන් ආවරණ කිරීමටද තරඟ සංවිධායකයින් කටයුතු කර තිබේ.

 

අදාල ආයතනයට ක්‍රිප්ටො මුදල් ඒකක භාවිතා කරමින් පිරමීඩාකාර හැඩයක් ගත් මුල්‍ය ගනුදෙනුවක නිරත වන බවට චෝදනා එල්ල වන අතර ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ අදාළ ආයතනය සම්බන්ධයෙන් ඉතා සමීපව දැඩි නිරීක්ෂණයක සිටින බවයි.

 

එම සමාගම ක්‍රිප්ටො මුදල් හුවමාරුවක් යයි පැවසුවද ඒ හරහා කිසිදු මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයකට පරිවර්ථනය කිරීමට හැකියාවක් නැත.

 

views

289 Views

Comments

arrow-up