මහ දවල් ගෙට පැන්න හොරු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

මහ දවල් ගෙට පැන්න හොරු

මහ දවල් ගෙට පැන්න හොරු

අලුත්ගම පාදාගොඩ පින්හේන ජනපදයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවල් ඇතුළු වු සොරෙකු රුපියල් හත්ලක්ෂ හයදහසක මුදල් සහ රන්භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇතැයි කියන පැමිණිල්ල අනුව අලූත්ගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.



දවල් කාලයේ ව්‍යාපාරිකයා ඇතුළු කිසිවකුත් නිවසේ සිට නොමැති අවස්ථාවක නිවසේ පිටුපස දොර විවෘත කර නිවස තුළට ඇතුළු වී රුපියල් ලක්ෂ තුනක මුදල් නෝට්ටු, රුපියල් ලක්ෂ හතරක රන්භාණ්ඩ සමඟ ඔරලෝසුවක්, ජංගම දුරකථනයක් ඇතුළු දෑ සොරකම් කරගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.



අලුත්ගම පොලිස් ස්ථානාධිපති රොමේස් රත්නසිංහම් මහතාගේ උපදෙස් මත විමර්ශන ආරම්භ කර තිබේ.

views

287 Views

Comments

arrow-up