නිදන් හාරපු දොළොස් දෙනෙකුට පොලීසියෙන් නිධානයක්

මහනුවර රජ සමයට අයත් නිධන් සඟවා ඇතැයි සැක කරන හඟුරන්කෙත කොළබිස්ස නුගසෙවණ ප්‍රදේශයේ ඇළ රක්ෂිතයක නිධන් හාරමින් සිටි දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක දෙදෙනෙකු ඇතුළු වාහන හා උපකරණ රැසක් ගම්පොළ ගලහා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිමඩ, නුවරඑළිය, දඹුල්ල, ගලේවෙල, අක්මීමන, කැකිරාව, පදවි ශ්‍රීපුර, පොලොන්නරුව, මැදිරිගිරිය ආදී රටේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ගෙන් සමන්විත මෙම නිධන් හොරුන් කණ්ඩායම රටේ ඓතිහාසික ස්ථාන තෝරාගෙන නිධන් ගොඩගැනීම සිදු කරන බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත.
කොළබිස්සේ නුගසෙවණ ප්‍රදේශය ද රජ සමයේ සිට පැවත එන ඓතිහාසික ස්ථානයක් වන අතර, මෙහි නිධානයක් ඇතැයි සැක කරන තැන හොර රහසේ දින ගණනාවක් පුරා කැණීම් සිදු කරමින් සිටියදී ලද තොරතුරකට මෙසේ ඔවුන් කොටු වී ඇත.
මෙම ස්ථානයේ සියලු පුද පූජා පවත්වා ඇති අතර, ඒ සඳහා 69 හැවිරිදි මන්ත්‍රකරුවකු ද සහභාගි වී සිට ඇත.
මෙම පිරිස විසින් ඇළ රක්ෂිතය තුළ දෝනාවක් හාරමින් සිට ඇති අතර, පොලිසිය පැමිණෙන විට එහි අඩි පහළොවක් පමණ හාරා තිබී ඇත.
228 Views
Comments