පොලීසියේදී පිපිරූ කඳුළු ගෑස් බෝම්බය
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

පොලීසියේදී පිපිරූ කඳුළු ගෑස් බෝම්බය

පොලීසියේදී පිපිරූ කඳුළු ගෑස් බෝම්බය

බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථාන තුළ 23 වන දා පස්වරුවේ ඇති වූ පිපිරීමේ සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.



මෙහිදී ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ පුපුරා ඇති බවත් එම පිපිරීමෙන් පොලිස් නිලධාරීයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.



කොළඹ නගර සභාව අසළ ඊයේ පස්වරුවේ පැවැති විරෝධතාවක් පාලනය කිරීමට රැගෙන ගිය ‘කඳුඵ ගෑස් බෝම්බයක්’ නැවත රැගෙන ඒමේදී එසේ පුපුරා ගොස් ඇතැයි සැකකරන බවත් නාරාහේන්පිට පොලිසිය එම සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

views

215 Views

Comments

arrow-up