අණ නොතකා පළා ගිය යතුරුපැදියට වෙඩි තබයි.
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

අණ නොතකා පළා ගිය යතුරුපැදියට වෙඩි තබයි.

අණ නොතකා පළා ගිය යතුරුපැදියට වෙඩි තබයි.

අම්පාර - දිඝවාපිය ප්‍රධාන මාර්ගයේ මානික්කම්මඩුව පාලම අසලදී පොලිස් අණ නොතකා පලාගිය යතුරු පැදියක් ලුහුබැඳ ගිය පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියේ පිටුපස ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.


දීඝවාපිය සිට එරගම දෙසට ධාවනය වූ යතුරුපැදිකරුට නවතින ලෙස කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් මානික්කම්මඩුව පාලම අසලදී අණ කර ඇති නමුත් ඔවුන් නොනවත්වා පළා ගොස් ඇත.


එවිට යතුරු පැදිය ලුහුබැඳ ගිය පොලීසිය අවස්ථා දෙකකදි ඔවුන්ට තවතින අණ කළත් තවදුරටත් පලායාමට උත්සාහ කළ විට තබන ලද වෙඩි පහරින් මෙසේ පසු අසුනේ ගමන් කල අයගේ දකුණු පාදයකට වෙඩි වැදී ඔහු අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.


යතුරු පැදිකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අම්පාර අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.

views

233 Views

Comments

arrow-up