රට විරුවන් ගැන සබරගමුවේ සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

රට විරුවන් ගැන සබරගමුවේ සාකච්ඡාවක්

රට විරුවන් ගැන සබරගමුවේ සාකච්ඡාවක්

විදේශගත ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත වඩා ඵලදායී හා කාර්යක්ෂම සේවාවන් ලබාදීමේ අරමු‍ණෙන්, සබරගමුව පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සේවයේ නියුතු විදේශ රැකියා සංවර්ධන නිළධාරීන් දැනුවත් කිරීම හා විශේෂ විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.06.12 දින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සබරගමු පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.



මෙම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් දිලිප් නිශාන්ත, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) ජේ.එස්.ප්‍රසාද් පියසේන, අතිරේක ලේකම් (සංවර්ධන) එස්.එම්.පියතිස්ස, අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රමසම්පාදන) කේ.ඒ.එස්.හේමකාන්ති, ප්‍රධාන ගණකාධිකාරී සී.පී.ලොකුගලප්පත්ති, ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) ඩොනල්ඩ් මුරගේ, නියෝජ්‍ය අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන) සී.ඩබ්.කුමාරි, පුහුණු ඒකක සම්බන්ධීකාරක ලංකා සුමනදාස, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී අනුර ලියන්වෙල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිපාලන) රසික ජයසිංහ, සබරගමුව පළාත් ජේෂ්ඨ කළමනාකරු බී.ඒ.රෝහිණි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

views

251 Views

Comments

arrow-up