ජාවාරම්කරුවන්ගේ වැලි පොලීසිය හොරෙන් විකුණයි

බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස දැදුරු ඔයෙන් ගොඩ දැමූ වැලි තොගයක් පොලිස් භාරයට ගෙන රැගෙන යමින් තිබිය දී එය ආරක්ෂාවට ගිය පොලිස් නිලධාරීන් විසින් එම වැලිවලින් කොටසක් විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ පොලිස්පති ලලිත් පතිනායක උපදෙස් ලබා දී තිබේ.
කුරුණෑගල පොලිස් කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ වැලි තොගය සිය භාරයට ගෙන තිබුණේ ලද පැමිණිල්ලකට අනුවයි.
කෙසේ නමුත් එම වැලි තොගය අධිකරණමය කටයුතු සඳහා ලොරි රථ මගින් වැල්ලව පොලීසියට රැගෙන එමින් තිබිය දී එහි ආරක්ෂාවට ගමන් කළ පොලිස් නිලධාරියෙකු හෝ නිලධාරීන් කිහිපදෙනෙකුගේ එක්ව එම වැලිවලින් කොටසක් විකුණා ඇති බවට අනාවරණය වී තිබේ.
244 Views
Comments