FEB
26
රජයේ ඉන්ධන පිරවුම්හල් 450ක් විකුණා දමන සුදානමක්

මෙරට ඉන්ධන පිරවුම්හල් 450 ක් ලොව ප්‍රධාන පෙලේ තෙල් සමාගම් තුනකට ලබා දීමේ කටයුතු සූදානම් වී ඇත.
බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මෙරට රජය සතු ඉන්ධනහල් 1197 න් 450 ක් මෙසේ ලබාදීම සඳහා සාකච්ඡා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි. මේ අනුව ඉන්ධන ආනයනය කර ගබඩා කර බෙදා හැරීමේ අවසර ලබා දෙමින් ඉන්ධනහල් 150 බැගින් ලබා දීමට නියමිතව තිබේ.
එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේ, ඉන්දියාවේ භාරත් පෙට්‍රොලියම්, ෂෙල්, සෙනොපෙක් යන සමාගම් තුන බොහෝ දුරට මෙරට ආයෝජනයට පැමිණෙනු ඇති බවයි.
215 Views
Comments