තම ලෙයින් උපන් දියණියට හදි කළ දෙහිවල වනරතන පාරේ නරුම පියා

දෙහිවල, වනරතන පාරේ පදිංචි 46 හැවිරිදි එක්දරු පියෙකු තම 14 හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනයක් කරන ලදැයි යන චෝදනාව මත පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයෙකු බව සඳහන් වන මොහු රාත්‍රියේ තම බිරිඳ සහ දියණිය කාමරයේ ඇඳේ නිදාගෙන සිටින අතර, බිම පැදුරක් එළාගෙන නිදාගෙන සිට ඇති අතර, උදෑසන අවදි වී දැරියගේ මව රැකියාව සඳහා පිටත්ව යාමෙන් පසු සයනයට ගොඩවී මෙලෙස තම දියණියට අතවර කොට ඇති බවට හෙළි වී තිබේ.
අතවරයට පත් දැරිය පාසල් යාමට පෙර සිද්ධිය පිළිබඳ සියලු තතු ලිපියක් ලෙස ලියා තබා පිටව ගොස් ඇති අතර, ආපසු නිවසට පැමිණි දැරියගේ මව ලිපිය කියවා සිද්ධිය පිළිබඳ දෙහිවල පොලිසියේ පැමිණිල්ලක් කොට ඇති බව වාර්තා වේ.
සැකකාර පියා පොලිසිය විසින් එදිනම අත් අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.
566 Views
Comments