ව්‍යාජ හැදුනුම්පතක් හදාගෙන යාළු හාමුදුරුවෝ වෙනුවට විභාගෙ ලියල

ව්‍යාජ ලෙස සකස් කරන ලද ජාතික හැඳුනුම්පතක් උපයෝගී කරගෙන වෙනත් භික්ෂූවක් වෙනුවෙන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පිළිතුරු ලියමින් සිටි හිමිනමක් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙලිඅත්ත,මහහීල්ල – ඉසුරුපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන හිමිනමකි.
පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාර හිමිනම පසුගිය වසරේ පැවැති අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට ඉහළ සාමාර්ථයක් ලබා ගෙන ඇති අයකු බවටද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
734 Views
Comments