උණවටුන වැඩිහිටි නිවාසයක 28කට කොවිඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

උණවටුන වැඩිහිටි නිවාසයක 28කට කොවිඩ්

උණවටුන වැඩිහිටි නිවාසයක 28කට කොවිඩ්

උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකයන් 164 දෙනෙකු සදහා ඊයේ(22) දිනයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී නේවාසිකයන් 28 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 

මීට දින තුනකට ඉහතදී මෙම වැඩිහිටි නිවාසයේම හැටපස් හැවිරිදි පුද්ගලයෙකුද මිය ගොස් ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි.

 

ආසාදිතයන් සියලු‍ දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. 

views

672 Views

Comments

arrow-up