ඉස්ලාම් ආගමානුකූලව යුධ හමුදා ධජවලට සෙත්පතයි

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 72 වැනි සංවත්සරයට නිමිතිකොටගෙන ඉස්ලාම් ආගමික කටයුතුවලට අනුව හමුදා ධජවලට සෙත් පැතීම කොල්ලුපිටිය ජුම්මා මස්ජිද් පල්ලියේදී අද(30) සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කනිෂ්ඨ නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කොවිඩි 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සහභාගී වී සිටියහ.
ශ්‍රි ලංකා යුද හමුදා ධජය, ස්වේච්ඡා බලකා ධජය, සියළුම ආරක්ෂක සේනා මූලස්ථාන ධජ, ඉදිරි නඩත්තු ප්‍රදේශ ධජ, සේනාංක ධජ සහ රෙජිමේන්තු ධජයන් උදෙසා සෙත් පැතීම මෙහිදි සිදු කෙරිණි.
847 Views
Comments