සිරකරුවන්ට සතියක නිවාඩුවක්

දින කිහිපයක සිට වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී සිට උද්ඝෝෂණයේ නිරත වන සිරකරුවන් පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා අද සහභාගී විය.
එහිදී සිරකරුවන් විසින් අමාත්‍යවරයා සමග පවසා සිටියේ අභියාචනා ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව , යහපත් ක්‍රියාවන්ගෙන් යුත් සිරදඬුවම් විඳින සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම හා පොදු සමාව දීමේදී සැමටම එකම ක්‍රමවේදයක් ඇති කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවයි.
එහිදී අලි සබ්රි මහතා පවසා සිටියේ යහපත් කල් ක්‍රියාවෙන් සිරදඬුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබා දීමේ හැකියාවක් පවතින අතර ඒ සඳහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන බවයි.
743 Views
Comments