රාජපක්ෂලට බනින කටවල් වලට හෙන හත ගහන්න ඕන - රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක

රට මෙලෙස හෝ සුරක්ෂිතව පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිසාවෙන් බවට වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසනවා.
ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුව අමතමින්.
“දෙමළ දරුවා අතට පෑන දුන්නේ රාජපක්ෂලා.
දෙමළ දරුවාගේ අතින් බෝම්බ අයින් කරලා බෝලෙ දුන්නේ රාජපක්ෂලා.
දමළ දරුවගෙ කරෙන් සයනයිඩ් කරල ගලවලා පංචායුදය බැන්දේ රාජපක්ෂලා.
යාපනේ ඉඳලා අම්පාරට කාපට් පාර හැදුවේ රාජපක්ෂලා.
ලංකාවේ දිගම පාලම කින්නියාවෙ හැදුවේ රාජපක්ෂලා.
කන්කසන්තුරේට පාර කාපට් කරේ රාජපක්ෂලා.
කොටු කඩපු රේල් හදලා කෝච්චි දැම්මේ රාජපක්ෂලා.
උතුරු නැගෙනහිර දෙමළ-මුස්ලිම් මිනිස්සුන්ට 98%ක් ලයිට් දුන්නේ රාජපක්ෂලා.
ඒ රාජපක්ෂලාටද වර්ගවාදියෝ කියන්නේ? රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕනෙ යකෝ.” යැයි ඒ මහතා පවසා සිටියා.
1148 Views
Comments