රදැල්ල වතු යායේ හොඳම තේ දළු නෙළන්නිය ලෙස සිදෙයි අම්මා ජයග්‍රහණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

රදැල්ල වතු යායේ හොඳම තේ දළු නෙළන්නිය ලෙස සිදෙයි අම්මා ජයග්‍රහණය කරයි

රදැල්ල වතු යායේ හොඳම තේ දළු නෙළන්නිය ලෙස සිදෙයි අම්මා ජයග්‍රහණය කරයි

රදැල්ල වතුයායේ දී, කැළණිවැලි, තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතු වල හොඳම තේ දලු නෙලන්නිය තේරීමේ තරගයක් පැවැත්වුණු අතර, විනාඩි 20 ක කාලයක් තුළ තේ දළු කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 450 ක් නෙළා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමට අයත් සමර්සෙට් වතුයායේ සිදෙයි අම්මා මහත්මිය හොඳම තේ දලු නෙලන්නිය ලෙස ජයග්‍රහණය කළාය.

 

තිස්හත් හැවිරිදි තිදරු මවක් වන ඇය වසර හතක් පුරා මෙම රැකියාවේ නියැලුණ කාන්තාවක් බව සඳහන් වන අතර, තේ කර්මාන්තයේ නියැලී සිටින වතුකම්කරුවන් දිරිගැන්වීම සඳහා පවත්වන ලද මෙම තරගයේ ජයග්‍රාහිකාව වෙමින් රුපියල් ලක්ෂ 03 ක මුදල් ත්‍යාගයක් දිනාගත් බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

views

246 Views

Comments

arrow-up