ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඓතිහාසිකයි

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) ලබාදුන් තීන්දුව රටේ යුක්තිය, සාධාරණය අගයකරන සියලුදෙනාට වැදගත් ඓතිහාසික තීන්දුවක් බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (13) පැවසූහ.

 

විධායක බලතල ඇති ජනාධිපතිවරයකු ලෙස හෝ කොතරම් ඉහළ නිලයක සිටියත් වරදක් කළහොත් නීතියෙන් බේරී සිටීමට ඉඩක් නොමැති බවට මෙම තීන්දුව මගින් පණිවුඩයක් ලබාදී ඇති බවත්, එය වත්මන් මෙන්ම, අනාගත පාලකයන් හා නිලධාරීන් මතක තබාගත යුතු බවත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.

 

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස තිබූ සත්‍ය හා කුමන්ත්‍රණය හෙළිවන තුරු තම ව්‍යායාමය අත් නොහරින බව ද කාදිනල්තුමෝ කීහ.

views

190 Views

Comments

arrow-up