SEP
16
මහා පරිමාණ ගංජා වගාවක් නුවරඑළියේ නිවසකින්

නුවරඑළිය බ්ලැක්පූල් රුවන්එලිය ප්‍රදේශයේ නිවසක සකස්කළ ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටලා තිබෙනවා.
මෙහිදී දෙමුහුන් ගංජා පැළ 71 ක් සොයාගෙන ඇති අතර ඒවා අඩි තුනක් පමණ උසට වැවී තිබූ බවයි වාර්තා වන්නේ.
අදාළ නිවස කුලියට ගෙන කිසිවකුටත් සැක නොසිතෙන පරිදි දීර්ඝ කාලයක් තිස්සේ සැකකරු විසින් වගාව සිදු කරගෙන ඇති අතර ඔහු හලාවත ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.
223 Views
Comments