දිවයින පුරා ඩෙංගු අධි වසංගත තත්ත්වයක්

දිස්ත්‍රික්ක 15කට අයත්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55 ක ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. මේ අතර සෞඛ්‍ය අංශ පවසන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 31,000 ඉක්මවන බවය. වාර්තා වන රෝගීන්ගෙන් 25% ක් පමණ පාසැල් ළමුන් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක දිස්නක දිසානායක මහතා මෙසේ සඳහන් කළේය.
දැනට දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨස 55 ක් අධි වසංගත තත්ත්වයක් බවට පත්ව ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස නම් කර ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරන දත්ත අනුව ඩෙංගු මරණ 15ක් වාර්තා වන බවත් ඔහු සඳහන් කරයි. ශ්‍රී ලංකාව තුළ රෝහලකට දරාගන්න පුළුවන් සංඛ්‍යාව 600ක් පමණ වන බවත් මේ වන විට රෝගීන් 2,000 කට අසන්න ප්‍රමාණයක් වාර්තා වන බවත්, එම වාර්තා වන රෝගීන්ගෙන් 25% ක්ම වාර්තා වෙන්නේ පාසල් යන වයසේ දරුවන් බවත් ඔහු ප්‍රකාශ කර සිටී.
එම නිසා පාසල්වල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සහ පෞද්ගලික උපකාරක පංතිවල ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට අනිවාර්යෙන් පියවර ගන්න අවශ්‍ය බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේවන විට පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ඩෙංගු කමිටු සක්‍රීය කිරීමට චක්‍රලේඛනයක් නිතුත්කර ඇති බවත්, මෙයට අදාලව ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
307 Views
Comments