FEB
03
අපිට උදව් කරන්න - බැසිල් අයි.එම්.එෆ්ට කියයි

වර්තමාන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලමින් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ එම ආයතනයේ නියෝජිතයින් පිරිසක් ළඟදීම මෙරටට පැමිණිමට නියමිත බවයි.
මේ අතර 'ගම සමග පිළිසඳරක් - අයවැයෙන් වැඩ ලක්ෂයක්' ග්‍රාමීය සංවර්ධන වැඩසටහන අද (03) ආරම්භ කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා ඊයේ (02) පැවති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ වෙනුවෙන් රුපියල් බිලියන 100ක් වෙන්කර ඇති බවයි.
643 Views
Comments