ජනතාවට පීඩාවක් වූ පොල්හේන ප්‍රදේශයට ගොඩ ගැසූ තල්මසා

පොල්හේන ප්‍රදේශයේ වෙරඝට ගසා ගෙන ආ මියගිය නිල් තල්මසාගේ සිරුර ඉවත් කිරීමට මේ වන තෙක් කිසිදු බලධාරියෙකු පියවර නොමැති බව ජනතාව චෝදනා කරයි.
මේ හේතුවෙන් පොල්හේන හා මඩිහ ප්‍රදේශවල පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තාවේ.
ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමා යෑම හේතුවෙන් ඒ අවට සිටිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද ජනතාව පවසයි.
වගකිව යුතු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඒ ආසන්නයට පැමිණ බලා යන බවත් එම සිරුර ඉවත් කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි ජනතාව වැඩිදුරටත් සඳහන් කළේ.
893 Views
Comments