රට බිත්තර දැන් සතොසින් ගන්න පුළුවන්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

රට බිත්තර දැන් සතොසින් ගන්න පුළුවන්

රට බිත්තර දැන් සතොසින් ගන්න පුළුවන්

ඉන්දියාවෙන් ආනයනය කරන සියලුම බිත්තර පාරිභෝගිකයන් වෙත ලබාදීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව අවධාරණය කරයි.

 

 

එහි සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කරන්නේ දිනකට බිත්තර මිලියනයක් ආනයනය කරන බවයි. කෙසේ වෙතත් එම බිත්තර බේකරිවලට සහ කර්මාන්තවලට ලබාදීම කළ නොහැකි බව ඔහු අවධාරණය කරයි.

 

 

ලංකා සතොස හරහා දිනකට බිත්තර මිලියනයක් බෙදාහරින බව ඔහු සඳහන් කරයි. ඒ අනුව ලබන සතිය වන විට සියලුම සුපිරි වෙළෙඳසැල්වලට අසුරන ලද බිත්තර බෙදා හැරීමට සුවිශේෂී වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ඔහු සඳහන් කළේය.

 

 

සුපිරි වෙළෙඳසල්වල අලෙවි කරන පැකට් කළ බිත්තරයක මිල රුපියල් 42ක් බවද ඔහු සඳහන් කරයි.

views

415 Views

Comments

arrow-up