ලොව ධනවත්ම පුද්ගලයා Elon Musk
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

ලොව ධනවත්ම පුද්ගලයා Elon Musk

ලොව ධනවත්ම පුද්ගලයා Elon Musk

ලොව ධනවත්ම පුද්ගලයා බවට ටෙස්ලා සමාගමේ ප්‍රධානී Elon Musk යළිත් වරක් පත් වෙයි.

 

 

Bloomberg වෙබ් අඩවිය විසින් පල කරන ලද ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට අනුව මෙය ප්‍රකාශයට පත් කරන ලදී.

 

 

Bernard Arnault ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි Elon Musk අභිබවා යමින් පසුගිය දෙසැම්බර් මාසයේදී පළමු ස්ථානයට පත්ව සිටි නමුත් නවතම ලැයිස්තුවට අනුව පළමු ස්ථානය Elon Musk හට ද දෙවන ස්ථානය Bernard Arnault ද හිමිව ඇති බව වාර්තා වේ.

 

 

Elon Musk ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් ලෙස Bloomberg වෙබ් අඩවිය වාර්තා කර ඇත.

 

 

අමෙරිකානු ඩොලර් බිලියන 186.6ක් ලෙස Bernard Arnault ගේ ආදායම දක්වයි.

 

 

එම ලැයිස්තුවේ Jeff Bezos තුන්වන ස්ථානයට ද Bill Gates සිව්වන ස්ථානයට ද Facebook ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 10 වන ස්ථානයට පත්ව සිටී.

 

 

Bloomberg වෙබ් අඩවිය මගින් වාර්තා කර සිටින්නේ Mukesh Ambani එහි 13 වන ස්ථානයටත් පත්ව ඇති බවයි.

views

234 Views

Comments

arrow-up