බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී පාසල් සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.
එම ගැටුමේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ පාසල් සිසුන් 05 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍යවල සංසරණය වන එම පහරදීමට අදාළ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය සිදුකළ විමර්ශනයෙන් අනතුරුව එම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීම සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන්
පාසල් සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ සිසුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදීම සහ තියුණු ආයුධයකින් තුවාල සිදුකිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙනි.
සැකකාර සිසුන් අද (23) බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
206 Views
Comments