මාලි රාජ්‍යයේදී මිය ගිය ලාංකීය සොල්දාදුවා

මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරි වල නිරතව සිටි 6 වන ශ්‍රී ලංකා යුද හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) මහතා හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.
ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවාචාරය දැක්වීය.
සාමසාධක හමුදාවන්ගේ සම්ප්‍රදායානුකූලව, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ මෘත දේහයට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය සහ විශේෂ නියෝජිත ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මිය ප්‍රමුඛ 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ අණදෙන නිලධාරි ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාවට සහභාගී වූහ.
මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ අභාවප්‍රාප්ත ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රිය ගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම මෙරටට රැගෙන ඒමට නියමිතය.
240 Views
Comments