සොරකම් කරන ලද යතුරුපැදියක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලයි.
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

සොරකම් කරන ලද යතුරුපැදියක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලයි.

සොරකම් කරන ලද යතුරුපැදියක් සමග පොලිස් කොස්තාපල්වරයෙක් අල්ලයි.

ව්‍යාජ අංක තහඩු යොදාගෙන  යතුරු පැදියක් භාවිතා කළ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 

 

මෙම පොලිස් කොස්තාපල්වරයා සේවය කරනු ලබන්නේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්තව බව හෙළි වී තිබේ.

 

කොළඹ කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ මෙම යතුරුපැදිය පසුගිය වසරේ අගෝස්තු මාසයේ දොම්පේ ප්‍රදේශයේදී සොරා ගත් එකක් බවයි.  

 

යතුරුපැදියේ හිමිකරු විසින් යතුරුපැදිය සොරා ගැනීම සම්බන්ධව එම අවස්ථාවේදීම දොම්පේ පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.

 

සැකකාර කොස්තාපල්වරයා පරිහරණය  කරන ලද මෙම යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකාර ආධුනික පොලිස් කොස්තාපල්වරයා සහ පොලිස් භාරයට ගත් ඔහු පරිහරණය කරන ලද යතුරු පැදිය වැඩිදුර පරීක්ෂණ සඳහා දොම්පේ පොලීසියට භාරදුන් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කරයි.

views

253 Views

Comments

arrow-up