මිතුරියගේ ඉල්ලීමට මිතුරිය මුදලට විකුණා වැඩ වරද්දාගත් මිතුරිය

මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි නිවසක කලක පටන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු මත්තෙගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතර එම නිවස හිමි කාන්තාව සහ මුදලට අලෙවි වෙන කාන්තාවද සිටින බව පොලිසිය පවසයි.
මොවුන් දෙදෙනා ඉතා සමීප හා කුළුපඟ මිතුරියන් වන අතර මුදලට අලෙවි වන කාන්තාවගේ ඉල්ලීම මත මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පිහිටි මෙම නිවස ලබාගෙන කලක පටන් මෙම ජාවාරම කරගෙන ගොස් තිබේ.
පැමිණෙන එක් පුද්ගලයකුගෙන් පැයකට රුපියල් 3000ක මුදලක් ලබාගෙන තිබෙන අතර නිවස හිමි කාන්තාවට ඉන් රුපියල් 500ක මුදලක් ලබාදී ඇතැයි පැවසේ.
මත්තෙගොඩ පොලීසියට මේ පිළිබඳව ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් එම අවස්ථාවේ දීද ඔවුන් පුද්ගලයෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටඇති බවත් වාර්තාවේ.
මෙම ස්ථානය කුඩා නිවසක් වන අතර එහි ඉඩකඩ ඇති පරිද්දෙන් තවත් කාන්තාවන් ගෙන්වා පුද්ගලයින්ට අලෙවිකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
3081 Views
Comments