"රාජ්‍ය සේවය රටට බරක්.. තවත් මුදල් වැය කරන්න බෑ" - මුදල් ඇමති කෙළින්ම කියයි

රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මහජන මුදල් වැයකිරීම හැකියාවක් නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද පැවැති පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියා.
ඊයේ ඉදිරිපත් කෙරුණු 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේ දී මෙම අදහස් පළ වුණු අතර වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා
"මං හිතන්නේ තවදුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනේ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. වගකීමෙන් කියනවා, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට පුළුවන්කමක් නෑ. වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා."
2104 Views
Comments