ඉන්ධන කෝටාව ඉහළ දැමීමට සැලසුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
26

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට සැලසුම්

ඉන්ධන කෝටාව ඉහළ දැමීමට සැලසුම්

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ජාතික ඉන්ධන අවසර පත්‍රයේ (QR) දැනට පවතින ඉන්ධන කෝටාව තවදුරටත් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

 

 

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ලබන මස සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කළ බවයි.

 

 

මෙම තීරණය ඊයේ (25) පැවති ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාවේ මුල්‍ය, වෙළඳ සහ අලෙවි අංශ සමග පැවති සාකච්ඡාවේ දී ගන්නා ලද බව සඳහන් වේ.

 

views

260 Views

Comments

arrow-up