APR
20
චිත්‍රපට අධ්‍යක්ෂ ලුවී වැන්ඩස්ට්‍රාටන් දිවි සැරිය නිමා කරයි

සිනමා අධ්‍යක්ෂකවරයෙක්, තිර කතා රචකයෙක්, නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විශාල මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් මහතා අද (20) අභාවප්‍රාප්ත වී තිබෙන බව වාර්තා වේ.
පෙම් කුරුල්ලෝ, බිඳුණු හදවත්, මව්බිම නැත්නම් මරණය, ජූරිය මමයි, ඇගේ වෛරය 1,2,3,4, දඩබිම, වියරු ගැහැනියක්, ගිනිගත් හෝරාව, මිස් ඩයිනමයිට් ඇතුළු සිංහල චිත්‍රපට 34 ක් ඔහු විසින් අධ්‍යක්ෂණය කර තිබේ.
ආන්දෝලනාත්මක සිංහල චිත්‍රපට රැසක් තැනූ ඔහු සම්මානනීය ඉංග්‍රීසි නවකතාකරුවෙකු ලෙසද ප්‍රසිද්ධියට පත්ව ඇත.
242 Views
Comments