මහින්ද, බැසිල් රටින් පිටවෙන්නේ නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

මහින්ද, බැසිල් රටින් පිටවෙන්නේ නෑ

මහින්ද, බැසිල් රටින් පිටවෙන්නේ නෑ

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල යන අය හෙට(15) දිනය දක්වා විදෙස්ගත නොවන බව සිය නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

 

පවතින ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව විමර්ශනයක් කරන්නැයි ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න ඇතුළු පිරිසක් ගොනු කර තිබූ පෙත්සමක් අද විභාගයට ගත් අවස්ථාවේදී මේ පිළිබඳ දැනුම් දී තිබුණා.

 

මෙම පෙත්සමේ වගඋත්තරකරු වෙකු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති ඩබ්.ඩී.ලක්ශ්මන් වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට හෙට දක්වා විදෙස්ගත වීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

 

එසේම තමන්ට විදෙස් ගත වීමේ අවශ්‍යතාවක් නොමැති බවත් විදෙස් ගත වන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය ලබා ගන්නා බවත් හිටපු මහ මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පොරොන්දුවක් ලබා දී තිබෙනවා.

views

265 Views

Comments

arrow-up