ගලේවෙලින් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
19

ගලේවෙලින් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා - (PHOTOS)

ගලේවෙලින් හමු වූ අරුම පුදුම මඤ්ඤොක්කා - (PHOTOS)

ගලේවෙල මොරගොල්ල ප්‍රදේශයේ  තරුණයකුගේ  මඤ්ඤොක්කා වගාවේ  සාර්ථක අස්වනු ලැබී තිබේ. මෙම එක මඤ්ඤොක්කා ගසක එක අලයක් පමණක්  කිලෝ ගණනාවකි .මඤ්ඤොක්කා  එක අලයක් ගල්වා ගත් කල එහිළ එහි බර කිලෝ පහළොවත් විස්සත් අතර විශාල අල බව තරුණ ගොවි මහතා සඳහන් කර සිටී.

 

මෙම අරුම පුදුම මඤ්ඤොක්කා ගස් පිළිබඳව සොයා බැලීම්ට ගිය අවස්ථාවේදී එක අලයක් පමණක් ගලවා  එහි විශාලත්වය පෙන්වීම්ට තරුණ ගොවි ඩබ්ලිව්. එම්. මේනක නිශ්ශංක විජේරත්න මහතා ඉදිරිපත් විය.

 

තම ගෙවත්තේ ඇති මඤ්ඤොක්කා ගස් වල මේ ආකාරයෙන්ම අරුම පුදුම විදියට මඤ්ඤොක්කා අල එරී තිබෙන බවත් ඒවා හැකි ආකාරයෙන් ආහාරයට ගැනීම සිදු කරන අතර අලෙවි කිරීම්ක් සිදු නොකරන බව හෙතෙම සඳහන් කළේය.

 

අප ඉදිරියේ මඤ්ඤොක්කා ගසකින් ගල්වා ගත් එක අලය විශාලත්වයක් මෙන්ම පොළොවේ හැඩ  අනුව එම අලය ද වෙනස් ස්වරූපයක් ගෙන ඇති අයුරු දැකගැනීමට හැකි විය.

 

 

 

 

views

1282 Views

Comments

arrow-up