ජනතාවට තරු පෙන්වමින් විදුලි බිලත් ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
12

ජනතාවට තරු පෙන්වමින් විදුලි බිලත් ඉහළට

ජනතාවට තරු පෙන්වමින් විදුලි බිලත් ඉහළට

විදුලි බිල විශාල මිලකින් ඉහළ දැමීමට උපක්‍රමයක් ලෙස මහජන උපයෝගීතා කොමිසම යොදා ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වේ.

 

මේ බව හෙළි කෙරුණේ ඊයේ(11) දිනමිණ පුවත්පතේ පලකර තිබූ ප්‍රවෘත්තියකින්ය. 

 

එහි සිරස්තලය යොදා තිබෙන්නේ “විදුලි බිල වැඩි කිරීමට මණ්ඩලයේ සූදානමක්” යනුවෙන්ය.

 

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට විදුලි බල මණ්ඩලයේ සූදානමක් ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග හෙළිකර සිටියි” යනුවෙනි.

 

මේ අනුව ආණ්ඩුව විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම පෙන්වා විදුලි බිල වැඩි කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබේ. 

 

විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 25කට වැඩි මුදලක් වැයවන බවත් එය පාරිභෝගිකයාට ලබා දෙන්නේ රුපියල් 15කට බවත් අදාල ප්‍රවෘත්තියේ දක්වා තිබේ. 

 

මේ අනුව ඉතා විශාල ගණනකින් විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැරසෙන බවට පෙරනිමිති පහළ වී ඇත.

views

737 Views

Comments

arrow-up