දඩ කොළයක් දුන්නැයි PC ට පොරෝ පහර

අම්බලන්තොට නගරයේ රථවාහන රාජකාරියේ නියැලී සිටි පොලිස් කොස්තාපල් වරයකුට අද දහවල් කුඩා අත් පොරවකින් පහරදීමෙන් තුවාල ලබා අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇතැයි පොලිසිය කියයි.
පහර දුන් පුද්ගලයා ද එම ස්ථානයේ දි වස පානය කිරීමෙන් පසුව පොලිස් බාරයට ගෙන රෝහල් ගත කර ඇත.
ඔහුද හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
බීමත්කමින් රිය පැදවීම සම්බන්දයෙන් මීට දින කිහිපයකට කලින් මෙම පහරදුන් පුද්ගලයාට නඩු පවරා ඇති බවත් එයට උරණ වීමෙන් රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයාගේ පිටුපස ප්‍රදේශයට උර හිසට පහලින් පොරොව පහරක් ගසා ඇති බව පොලීසිය කියයි.
තවත් නිළධාරියක්ද මෙම ස්ථානයේ රාජකාරියේ නියැලී සිට ඇත. සිද්ධිය සම්බන්දයෙන් අම්බලන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි.
1091 Views
Comments