NOV
27
දකුණු අප්‍රිකානු ප්‍රභේදයට එරෙහිව නව බූස්ටර් එන්නතක්

දකුණු අප්‍රිකාවෙන් හදුනා ගැනුනු මාරාන්තික ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදයට එරෙහිව භාවිතා කිරීම සඳහා බූස්ටර් එන්නතක් මොඩර්නා ඖෂධ නිෂ්පාදන සමාගම විසින් සංවර්ධනය කරමින් සිටිනවා.
මෙම වෛරසය දැනට පවතින එන්නත්වල ආරක්ෂාව බිඳ ගෙන යෑමට සමත් වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම ප්‍රභේදය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු ප්‍රභේදයක් ලෙස නම් කර තිබෙනවා.
මෙම වෛරස ප්‍රභේදය විකෘතිවීම් 50කට පමණ ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.
768 Views
Comments