NOV
02
තවත් කොවිඩ් මරණ 17ක්

කොවිඩ් ආසාදිතව සිදුවූ තවත් මරණ 17 ක් ඊයේ (31) සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.
ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 13,760ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මියගිය අයගෙන් 11ක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 30 - 59 අතර 06 දෙනෙක්ද ඒ අතර සිටිති.
පිරිමි පුද්ගලයන් 11 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ සඳහන්වේ.
675 Views
Comments