මෙවර වෙසක් සතියේ ඔළු බක්කන් නැටීමත් තහනම්

එළඹෙන වෙසක් සතිය තුළ ආගමට සදාචාරයට සහ සංස්කෘතියට නොගැලපෙන ආකාරය කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නොසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙසද, වෙසක් දිනවල එවන් ක්‍රියාවලට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවද පොලිස් මූලස්ථානය අවධාරණය කර සිටී. එමෙන්ම, ඔළුබක්කන් නැටවීම වැනි ක්‍රියා ද සිදු කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා කියා සිටී.
වෙසක් කලාප වලට පොලිසිය අවශ්‍ය ආරක්ෂාව සපයන බවත්, ඒ සඳහා පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන්, සිවිල් ඇඳුම් ලා ගත් නිලධාරීන් පවා යොදවා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.
298 Views
Comments