සුනාමි අනතුරු දැනුම්දෙන්න විශේෂ ක්‍රමයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

සුනාමි අනතුරු දැනුම්දෙන්න විශේෂ ක්‍රමයක්

සුනාමි අනතුරු දැනුම්දෙන්න විශේෂ ක්‍රමයක්

සුනාමි අනතුරු පිළිබඳව මහජනතාවට අනතුරු ඇඟවීමේදී ජංගම දුරකථන සඳහා විශේෂ නාද රටාවක් හඳුන්වා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු යොදා තිබේ.

 

මෙරට ජනගහනයෙන් සියයට 99.9 කටම ජංගම දුරකථනයක් පවතින බැවින්, ජංගම දුරකථනයේ නාද රටාවක් හරහා සුනාමි අනතුරු පිළිබඳව දැනුවත් කිරීම සාර්ථක කටයුත්තක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ මහත ප්‍රකාශ කර සිටියේය.

 

දුරකථන සමාගම් හා එක්ව මෙම කටයුත්ත සැලසුම් කෙරෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

 

මේ අනුව අලුයම 1 ත් 4 ත් අතර කාලයේදී බහුතරයක් පිරිස් නිදාගෙන සිටින බැවින්, එම කාලයේදී සුනාමි අනතුරක් පිළිබඳව තොරතුරක් ලැබුණහොත් සියලුම ජංගම දුරකථන එකවර නාද කිරීමේ ක්‍රමවේදයක් සකස් කෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටී.
 

views

257 Views

Comments

arrow-up