සාදය අතුරතුර ඇතිවූ ගැටුම බේරන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පිහියෙන් ඇනලා - දෙදෙනාටම බරපතලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
14

සාදය අතුරතුර ඇතිවූ ගැටුම බේරන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පිහියෙන් ඇනලා - දෙදෙනාටම බරපතලයි

සාදය අතුරතුර ඇතිවූ ගැටුම බේරන්න ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාට පිහියෙන් ඇනලා - දෙදෙනාටම බරපතලයි

උඩප්පුව, කිරීයන්කල්ලිය සින්නකොළණිය ප‍‍්‍රදේශයේ මත් සාදයක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් රාජකාරි කිරීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට පිහි පහර එල්ල කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

මෙලෙස පිහි පහරකට ලක්ව තිබෙන්නේ උඩප්පුව පොලිසියේ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එච්. යූ. ගාමිණි හා පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර නමැති නිලධාරීන් දෙදෙනෙකි.

 

පිහිපහර එල්ල කිරීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරින් දෙදෙනා හලාවත මහ රෝහලට ඇතුළත්කොට තිබේ. 

 

කිරීයන්කල්ලිය ප‍‍්‍රදේශයේ කුකුල් ගොවිපලක පැවැත්වූ සාදයක් අතරතුර පසුගිය 10වන දින රාත‍‍්‍රි 10.30 ට පමණ ගැටුම හටගෙන තිබේ.

 

එම අවස්ථාවේ 119 හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් මත අදාල ස්ථානයට ගිය පොලිස් නිළධාරීන් දෙදෙනා පිහි ඇනුමට ලක්ව ඇති අතර කැපුම් තුවාල ලබා බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරින් දෙදෙනා උඩප්පුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ කඩිනමින් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබේ.

 

සිද්ධියෙන් කැපුම් තුවාල ලබා බරපතළ තත්වයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා සමග කුකුළු ගොවිපලේ හිමිකරු ඇතුළු පස්දෙනකු හලාවත මහ රෝහලේ මේ වන විට ප‍‍්‍රතිකාර ලබමින් සිටියි. 

 

උඩප්පුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

views

691 Views

Comments

arrow-up