අඩි 45ක ගැඹුරු වළකට වැටුණු කාන්තාවගේ දිවි බේරූ මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
20

අඩි 45ක ගැඹුරු වළකට වැටුණු කාන්තාවගේ දිවි බේරූ මෙහෙයුම

අඩි 45ක ගැඹුරු වළකට වැටුණු කාන්තාවගේ දිවි බේරූ මෙහෙයුම

කාන්තාවක් අඩි 45කට ආසන්න ගැඹුරක් සහිත වළකට වැටී ඇති සිද්ධියක් අම්පේගම ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

ඊයේ(19) පෙරවරුවේ බද්දේගම පොලීසියට ලැබුණු තොරතුරක සඳහන් වී තිබුණේ අම්පේගම මිරිස්වත්ත කොටියකන්ද ප්‍රදේශයේ අඩි 45කට ආසන්න ගැඹුරකින් යුත් වළකට කාන්තාවක් වැටී ඇති බවයි.

 

එම ප්‍රදේශයේ ජනතාවට ඇසී තිබූ කෙඳිරිලි හඬක් හේතුවෙන් සැකසිතී පොලීසිය දැනුවත් කර ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ පොලීසිය ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව එම වළ තුළ සිරවී සිටි 50 හැවිරිදි කාන්තාව බේරාගෙන තිබුණි.

 

වැඩිදුරටත් සඳහන් වූයේ එම වළ මිනිරන් ලබාගැනීමට හාරන ලද පැරණි වළක් බවයි.

 

එම කාන්තාව බේරාගන්නා අවස්ථාවේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ බව පොලීසිය කියයි.

 

ඒ අනුව ඇයව ගාල්ල කරාපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ.


පෙරේදා මෙම වළට වැටෙන්නට ඇති බවට සැකකෙරෙන අතර ඇයගෙන් මේ වනතෙක් ප්‍රකාශයක් ගැනීමට හැකිවී නැත.

views

655 Views

Comments

arrow-up