හැටන් රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

හැටන් රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

හැටන් රක්ෂිතයේ ගින්නකින් අක්කර 50ක් විනාශයි

මහවැලි ගඟේ ප්‍රධාන අතුශාඛාවක් වන හැටන්ඔය ජල පෝෂක ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයේ ඇතිවූ ගින්නකින් අක්කර 50ක් පමණ ගිනිගෙන විනාශ වි තිබේ.

 

හැටන් ඩන්බාර් වත්ත ප්‍රදේශයේ පිහිටි එම රක්ෂිතයෙන් පසුගිය 05 වනදා පස්වරුවේ හටගන් මෙම ගින්න ඊයේ(06) අලු‍යම තෙක් පැතිර ගොස් ඇත.

 

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමඟ  ඉලු‍ක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තබන්නට ඇති බවට ප්‍රදේශවාසින් සැකකරයි.

 

එම රක්ෂිතයට පහලින් ගම්මාන රැසක්ද පිහිටා ඇති අතර එම ගම්මාන වලට අවශ්‍ය පානිය ජලය ලබාගෙන ඇත්තේද එම රක්ෂිතය සිට හැටන්ඔය දක්වා ජලය ගලා බැසි ජල මුලාශ හරස් කර ගනිමිනි.

 

රක්ෂිතයට ගිනි තැබිමත් සමඟ ජල මුලාශ සිදි යාම හේතුවෙන් පානිය ජලය ලබා ගැනිමද ගැටළුවක් වි ඇති බව හැටන්ඔය දෙපස පදිංචිකරුවෝ පවසති.

views

642 Views

Comments

arrow-up