මාවනැල්ල ප්‍රාදේශීය සභාපති පුටුවෙන් ඉවතට

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් ස්ටීවන් මහතා ධුරයෙන් ඉවත් කර තිබේ.
ඒ, සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුවයි.
මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවසර ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමට සූදානම් වන අවස්ථාවේ පසුගියදා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුට එල්ල වූ දූෂණ චෝදනා මෙලෙස ධුරයෙන් පහ කිරීමට හේතු වී තිබෙන බව වාර්තා වේ.
185 Views
Comments