ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීමේ කාලය දීර්ඝ කරයි

මේ මස අවසානයේ කල් ඉකුත්වීමට නියමිතව තිබූ ෆයිසර් එන්නත්වල කල් ඉකුත්වීමේ කාලය මාස 3කින් දීර්ඝ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ අදාළ සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත මෙසේ එම එන්නත්වල කල් ඉකුත්වීමේ කාලය මාස 3කින් දීර්ඝ කළ බවයි.
ඒ අනුව ජූලි මස 31 වන දිනට කල් ඉකුත්වීමට නියමිතව තිබූ මෙම ෆයිසර් එන්නත් තොගයෙහි කල් ඉකුත්වීමේ දිනය ඔක්තෝම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කර ඇත.
කාණ්ඩ හතරක් යටතේ මෙරට ආනයනය කර තිබූ මිලියන 7කට අධික වටිනාකමකින් යුත් ෆයිසර් එන්නත් තොගයක කල් ඉකුත්වීමේ දිනය මාස 3කින් දීර්ඝ කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබේ.
224 Views
Comments