රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
28

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කරයි

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කරයි

මෝල්දෝවා රාජ්‍යයේ සිටි රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 45 දෙනෙකු පිටුවහල් කර තිබෙන බව වාර්තා වේ.

 

 

එරට රැඳී සිටි රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කර ඇත්තේ ඔත්තු බැලීමේ චෝදනා මත බව සඳහන් වේ.

 

 

ඔවුන්ට දැනුම් දී තිබෙන්නේ ලබන මස 15 වනදාට පෙර මෝල්දෝවා රාජ්‍යයෙන් පිටවන ලෙසයි.

 

 

මෙම තීරණය ගෙන ඇත්තේ රුසියානු තානාපති කාර්යාල වහලේ සහ අසල්වැසි ගොඩනැගිල්ලක සවිකර ඇති නව නීරික්ෂණ උපකරණ පිළිබඳ මාධ්‍ය වාර්තාවක් සැලකිල්ලට ගනිමිනි.

 

 

රුසියාව මේ පිළිබඳ හෙළා දැක තිබෙන බව සඳහන් වේ.

 

 

මිලියන 2.6ක ජනගහනයක් සහිත රටක් ලෙස මෝල්දෝවා රාජ්‍ය පෙන්වා දිය හැකි අතර යුරෝපයේ දුප්පත්ම ආර්ථිකයන් පවතින රටවලින් එකක් ලෙස පෙන්වා දිය හැකිය.

 

 

views

211 Views

Comments

arrow-up