රේගුවෙන් අඩුවට විස්කි බෙදයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
18

රේගුවෙන් අඩුවට විස්කි බෙදයි

රේගුවෙන් අඩුවට විස්කි බෙදයි

ආනයනික විස්කි ලීටරයකට රුපියල් 4,000 ක තීරු බද්ධක් පනවන ශ්‍රී ලංකා රේගුව රාජසන්තක කළ විස්කි බෝතලයක් රුපියල් 1,500 බැගින් රේගු මූලස්ථානයේදී එහි සේවයන්ට ඊයේ (17) අළෙවි කළ බව දැනගන්නට තිබේ.

 

 

රාජසන්තක කළ විස්කි මෙසේ අඩු මිලකට අළෙවි කිරීමෙන් රජයට විශාල පාඩුවක් වීම නිසා ආර්ථික වැටී තිබෙන මෙවැනි අවස්ථාවක රාජ්‍ය ආයතනයක් මෙවැනි දෙයක් කිරීම විවාදයට තුඩු දෙන බවත් මෙය රේගු දෙපාර්තමේන්තුව උත්සව සමයේ පුරුද්දක් ලෙස කරගෙන යන දෙයක් බවත් මුදල් අමාත්‍යංශයේ නිලධාරියෙක් පැවසීය.

 

 

කොළඹ කොටුවේ පිහිටි රේගු මූලස්ථානයේ සේවක සේවිකාවන් මලු පුරවාගෙන විස්කි ඊයේ දින රැගෙන ගිය බවත් ඇතැමුන් අඩු මිලට ලබාගන්නා විස්කි රැගෙන ගොස් වැඩි මිලට අළෙවි කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.

views

916 Views

Comments

arrow-up