ලබන වසරේ ණය ගෙවන හැටි බැසිල් කියයි

ලබන වසර තුළ ගෙවීමට නියමිත සෑම ඩොලරයක්ම ගෙවාදමන බවට පොරොන්දුවක් දෙන බව මුදල් අමාත්‍යවරයා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවසීය.
2022 අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ පිළිතුරු කතාව කරමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසා ඇත.
"අපි විශාල විදේශ විනිමය මුදල් අර්බුදයකට පත්වෙලා තියෙනවා. විදෙස් සංචිත පිළිබඳවත් අපි බැරෑරූම් තත්ත්වයක ඉන්නේ. අපිට ගෙවන්න තියෙන සෑම ඩොලර් එකක්ම ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම අපි ගෙවනවා කියලා පැහැදිලිව කියනවා. ජනවාරි මාසයේ ඩොලර් මිලියන 500ක් ගෙවන්න තියෙනවා. ජූලි මාසයේ ඩොලර් මිලියන 1000ක් ගෙවන්න තියෙනවා. ඒ අතරතුර ණය සේවා පොලී සහ ප්‍රාග්ධන ගෙවීම් කිහිපයකුත් ගෙවන්න තියෙනවා."
771 Views
Comments