ජාතිකගීය අතරතුර මන්ත්‍රීවරුන්ගේ කාලගෝට්ටිය

ඊයේ(24) පැවැති රැස්වීම අතරතුර මහරගම නගරසභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබුණි.
ජාතික ගීය වාදනය වෙමින් තිබියදීද මන්ත්‍රීවරු සභාව තුළ නොසන්සුන්කාරී ලෙස කටයුතු කළහ.
ඊට මුල්වී තිබුණේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමකි.
රැස්වීමේ ආරම්භයත් සමඟ මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාට අප්‍රසාදය පළ කරමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 21ක් දෙනෙක් විරෝධය පළකර තිබුණි.
මහරගම නගර සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 25ක් වේ.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කිසිදු විනිවිදභාවයක් නොමැතිබවට සහ සභාවේ අනුමැතියකින් තොරව එය සිදුවූ බවට චෝදනා කරමින් ඔවුන් විරෝධය පළකරන ලදී.
ලක්ෂ 19කට ඇස්තමේන්තු කළ පෙරමුසු ව්‍යාපෘතියක් රුපියල් ලක්ෂ 13කට ලබාදීම සම්බන්ධව මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබූ අතර එම අවස්ථාවේදී නගර සභා සභාපතිවරයා ජාතික ගීය වාදනය කරවමින් සභාවේ කටයුතු අවසන් කිරීමට පියවරගෙන තිබුණි.
ඒ අනුව සභාවේ උණුසුම් තත්ත්වය මැද ජාතික ගීය වාදනය වූ අතර එය ගායනා කිරීමෙන් අනතුරුව සභාපතිවරයා පිටව ගියේය.
කෙසේවුවත් මේ සම්බන්ධයෙන් විරෝධය පළ නොකළ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සඳහන් කළේ අදාළ ව්‍යාපෘතිය මගින් මුදල් වංචාවක් සිදුවී නොමැති බවයි.
767 Views
Comments