එකදු එන්නත් මාත්‍රාවක් හෝ නොගත් අයට අදත් එන්නත

කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ ප්‍රතිශක්තීකරණ එන්නතේ කිසිදු මාත්‍රාවක් හෝ නොගත් පුද්ගලයන් හට අදත් (09) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී එන්නත් කරණය සිදු වේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින් හට මෙයට සහභාගී විය හැකි බවයි.
මේ අතර ප්‍රජා පොලිස් ඒකකය සහ පොලිස් ආරක්ෂක කමිටු නිලධාරීන් විසින් කිසිඳු එන්නතක් හෝ ලබා නොගත් පුද්ගලයින් සොයා ඔවුන්ද එන්නත් කරන මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇත.
840 Views
Comments