නිවසට පැමිණ පවුම් ගණනක රන් ආභරණ සොරකම් කල මුහුණු පොතේ මිතුරිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
02

නිවසට පැමිණ පවුම් ගණනක රන් ආභරණ සොරකම් කල මුහුණු පොතේ මිතුරිය

නිවසට පැමිණ පවුම් ගණනක රන් ආභරණ සොරකම් කල මුහුණු පොතේ මිතුරිය

ෆේස්බුක් ඔස්සේ හඳුනාගෙන සීදුව කොටුගොඩ ප්‍රදේශයේ නිවසකට ගොස් රන් මාලයක් සහ පළඳනාවක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධව 24 හැවිරිදි තරුණියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සීදුව ප්‍රදේශයේ පදිංචි තරුණියක් විසින් හිතවත්කමට මෙම සැකකාර තරුණිය අවස්ථා දෙකකදී සිය නිවසට ගෙන්වාගෙන ඇති අතර එම අවස්ථා දෙකේ දී ඇය මෙම රන් ආභරණ සොරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

 

පෙරේදා(31) සැකකාරිය තරුණියගේ නිවසට ගෙන්වාගෙන ඇති අතර ඇය ගිය පසු නිවසේ තිබූ පවුම් 3 1/2 ක රන් මාලයක් අස්ථානගත වීමත් සමඟම මේ බව හෙළිව තිබේ.

views

1461 Views

Comments

arrow-up