ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් තමිල්නාඩුවේදී මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
23

ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් තමිල්නාඩුවේදී මිය යයි

ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙක් තමිල්නාඩුවේදී මිය යයි

ශ්‍රී ලාංකික තරුණයින් තිදෙනෙකු තමිල්නාඩුවේදී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

වයස අවුරුදු 19, 20 සහ 21 හැවිරිදි වියේ පසුවූ පිළිවෙලින් දයාලන්, ජෝන් සහ චාල්ස් නමැති තරුණයින් තිදෙනෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඔවුන් තමිල්නාඩුවේ ගුම්මිඩිපූන්ඩි හි සරණාගත කඳවුරක රඳවා සිටියදී සුළු රැකියාවල නිරතව සිට ඇති බව වාර්තා වෙයි.

 

තිදෙනාම යතුරුපැදියක ගමන්කරමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස අනතුරට ලක්ව ඇත.

 

යතුරුපැදිය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

 

views

218 Views

Comments

arrow-up