බිත්තර උපරිම මිල ඉවත් කිරීමට සැරසේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
29

බිත්තර උපරිම මිල ඉවත් කිරීමට සැරසේ

බිත්තර උපරිම මිල ඉවත් කිරීමට සැරසේ

බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ.

 

බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ සාකච්ඡා වී ඇති බව පැවසෙන අතර, මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් සහ කාෂිකර්ම හා වෙළෙඳ යන අමාත්‍යාංශවල ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇතැයි වාර්තා වේ.

 

වර්තමානයේ කුකුළු මස් සහ බිත්තර කර්මාන්තයේ පවතින ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන්ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පියවර ගතහොත් දින 15 ක් ඇතුළත වෙළෙඳපොළ තුළ පවතින බිත්තර හිඟය නැති කළ හැකි බව කර්මාන්තකරුවන් එහිදී පවසා ඇතැයි වාර්තා වේ.
 

views

337 Views

Comments

arrow-up